De Letras a Canción Generador de Letras Precios Mis Canciones

Life race

Song generated By ✨LyricsintoSong.com

Song Cover
v1

@ Isuru S. Amarasena

2026-05-12 10:55:39

Letras

(පළමු පදය)
හිරි වැටුණු මස් පිඩු අතරින්
තවම උණුසුම් රුධිරේ ගැහෙනවා
කකියන නෙත් කෙවෙණි යටින්
නොකියූ කඳුළු හෙමිහිට වැටෙනවා

පුපුරන්න වන් නලල් නහර
දරාගෙන මම නිහඬව ඉන්නවා
හිර කරන්... ගල් කරන්... කීරි ගහන්...
වෙස් මූණු බැඳන් සිනාසෙනවා

(කෝරස්)
යෝධයෙක් වගේ තවම දිවුවට
ඇතුළේ හුස්ම කැබලි වෙලා
මාවම මම තල්ලු කරගෙන
අඳුරු පාරක තනි වෙලා

මට හති...
දැන් නම් ඇත්තටම හති...
ඉවර නැති මේ ජීවිතේ
බර මාව යට කරන් යති...

(දෙවන පදය)
කාලෙකට කලින් හීන තිබුණා
අහස අල්ලන්න හිතපු දවස්
දැන් ඒ හීනේ දූවිලි වෙලා
පාවෙයි නිහඬ රෑ අහස්

කවුද අහන්නේ හිතේ වේදනා
කවුද නවත්තන්නේ මේ දිවීම
බිඳුණු හදවත අතේ අරන්
මම තවම කරනවා ජීවත්වීම

(බ්‍රිජ්)
නැවතුණොත් මාව මැරේවි කියලා
බියෙන් මම ඉදිරියට යනවා
ඒත් හිත ඇතුළේ කෑගහනවා
“ටිකක් නවතින්න...” කියනවා...

(අවසන් කෝරස්)
යෝධයෙක් වගේ ලෝකෙට පෙනුනත්
මනුස්සයෙක් මම ඇතුළින්
මට හති...
දැන් නම් ඇත්තටම හති...

ඒත් තව හුස්මක් තියෙන තුරා
වැටුණත් නැගිටින්නම් ආයෙත්
පුංචි මල් කැකුලු දෙස බලා
හෙටක් වෙනුවෙන් හිනැහෙන්නම්...

Estilo de Música

Main Style Direction Orchestral Sinhala Ballad Contemporary Classical Fusion Cinematic Acoustic Ballad Melancholic Folk-Rock Symphonic Soft Rock